ඔබේ පරිගණකයේ ඔබට වටිනා කියන බොහෝ ලේඛන මෙන්ම ඔබ ප්‍රිය
කරන වීඩියෝ ගීත පින්තුර ආදී බොහෝ දේ තිබෙන්නට පුළුවන්. හිතන්න ඒ සියල්ල එක විටම
අහිමි වුවහොත් කොහොමද ඒවා නැවත ගන්නේ. නැවත ගන්න බැරි තරමටම ඒ දත්ත සියල්ලක්ම මැකී
ගියහොත් නැවත ගන්න බැරි වෙනවා. ඒක නිසා කෝකටත් පරිගණකයේ තියෙන දත්ත ටික
ආරක්ෂාකාරීව තියන්නට පුළුවන් ක්‍රම අනුගමනය කලොත් නුවණට හුරුයි.
වයිරස් වලට විරුද්ධව ස්වයං ආරක්ෂාව
ඕනෑම විධියේ වයිරස් එකක් නිර්මාණය කරන්නේ ඔබේ පරිගණකයට
හානි කිරීමට සහ අනවසරයෙන් ඔබේ පුද්ගලික දත්ත වලට ඇතුළු වීමටයි.
එවන් වූ ප්‍රධාන
වයිරස් එකක විශාල උප වයිරස් ප්‍රමාණයක්, worms, Trojan, horses, spyware ආදී බොහෝ ප්‍රමාණයක් තිබීමට පුළුවන්. බොහොමයක් වෛරස්
බෙදාහරිනු ලබන්නේ අන්තර්ජාලය හරහාය.
විවිධ වෛරස් වලින් පරිගණකය ආරක්ෂා කිරීමට හොදම ක්‍රමය
තමයි ප්‍රතිවෛරස් ආරක්ෂක මෘධුකාංගයක් (antivirus software) පරිගණකය තුල ස්ථාපිත කිරීම.(install) උදාහරන ලෙස Bitdefender, Norton, Kaspersky, ESET ආදී ලොව සුපතළ
ප්‍රතිවෛරස් මෘධුකාංග නම් කළ හැකිය. මෙම මෘධුකාංග මගින් පරිගණකයට අනවශ්‍ය මෘධුකාංග
ස්ථාපිතවීමට ඇති ඉඩකඩ ඇහුරනවා සේම හානිදායක වෛරස් ද ඉවත් කිරීමට ක්‍රියා කරයි.
එක ගොඩාක්
වැදගත් වෙනවා ඔබ අන්තර්ජාලය පරිශීලනය කිරීමේදී සහ ඊ මේල් ආදිය බැලීමේදී. බොහෝ
වෙලාවට ඊ මේල් හරහා වඩා හානිදායක වෛරස් පැමිණීමට පුළුවනි. කෙසේ නමුත් අපි මතක තබා
ගත යුතු කරුණක් නම් අපි භාවිත කරන ප්‍රතිවෛරස් ආරක්ෂක මෘධුකාංග සියලු වෛරස් නොඅල්ලා
සිටීමට ද පුළුවන. විශේෂයෙන්ම අන්තර්ජාලය නිතර පරිශීලනය කරන්නෙක් නම් අතිශයින් ප්‍රවේසම්
විය යුතු ය. අන්තර් ජාලය ද ආරක්ෂාකාරීව භාවිතා කළ යුතුය.
පරිගණකය Backing up කර ගනිමු.
නිකමට හිතන්න ඔබේ පරිගණකය එකපාරටම නතර වුණා කියලා ඔබේ
වටිනා දත්ත සියල්ලම නැතිවෙන්න පුළුවන්. නමුත් ඔබ ඔබේ දත්ත Backing up කිරීමෙන් ඔබට
නැති වී ගිය දත්ත නැවතත් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම පුළුවන් වෙන්නේ ඔබේ
දත්ත තවත් කොහේ හරි Backing up කරලා තිබුනොත් පමණයි.
ඔබේ දත්ත වෙනත් අතිරේක හාඩ් ඩිසයක (external hard drive) ගබඩා කළහැක.
එසේත් නැත්නම් අන්තර්ජාලය තුළ දත්ත ගබඩා කිරීමටද (online backup service) පුළුවන් කම ඇත. උදාහරණ ලෙස Mozy, Carbonite, Box, Google Drive, One Drive, Drop
box, Open Drive ආදිය හැදින්විය හැක. අන්තර්ජාලය
තුළ back up නිර්මාණය
කිරීමෙන් ඔබට ඔබේ back up ෆයිල් එක ඕනෑම
පරිගණකයක් තුලින් ඕනෑම තැනක සිට අන්තර්ජාලයෙන් නැවත ස්ථාපිත (restoer) කරගත හැක. අන්තර්ජාලයේ
මෙම පහසුකම ලබාදෙනවිට ඒ ඉඩ ප්‍රමාණයට (capacity) අනුව මුදල් අය කෙරේ. එමෙන්ම ඔබ back up කරන ෆයිල් එකේ ප්‍රමාණය
විශාල නම් එය අප්ලෝඩ් වීමට
දවසක් පමණ ගතවීමට පුළුවන. කෙසේ නමුත් පළමු back up එකෙන් පසුව සිදු කරන back up වලට බොහෝ කාලයක්
නොගනී.
අනෙකුත් නඩත්තු ක්‍රම
ඔබේ පරිගණකයෙන් කටයුතු යුහුසුළුව සිදු කරගැනිමටනම්, ඔබේ
පරිගණකයේ දත්ත පිළිවෙලකට සැකසිය යුතු ය. පරිගණකයේ දත්ත අපිළිවෙලට ඇත්නම් ඒවා අවශ්‍ය
වෙලාවට ඉක්මනින් සොයා ගැනීමටද අපහසු වනු ඇත. ඒ වගේම අනවශ්‍ය වැඩකට නැති දත්ත වලින්
හාඩ් ඩිසය පිරි තිබෙන්නට පුළුවන්. ඒ නිසාම ඔබේ පරිගණකයේ වේගය අඩු වීමත් කටයුතු
කිරීමට අපහසු වීමටත් ඉඩ ඇත. පහත සදහන් වෙන්නේ ඔබේ පරිගණකයේ අනවශ්‍ය දත්ත මකා දමන (delete) ක්‍රම කිහිපයක් සහ පරිගණකය යුහුසුළුව ක්‍රියා කිරීමට සිදු කළ යුතු දෑ
කිහිපයකි.
·
දත්ත මකා
දැමීම - ඔබට අනවශ්‍ය දත්ත ඇත්නම් ඒවා Recycle Bin එකට හෝ Trash එකට දමන්න. ඒ
වගේම ඒ තැන්වලිනුත් ස්ථිරවම මකා දමන්න.
·
Run
Disk Defragmenter මෙම පහසුකම පරිගනකයේ Control Panel à Administrative Tools à Disk Defragmenter යන ස්ථානයේ ඇත. ඒ මත
දෙපාරක් ක්ලික් කිරීමෙන් පහත පරිදි වින්ඩොව් එකක් දිස් වෙයි.
පසුව එහි ඇති Analyze සහ Optimize කියන button මත ක්ලික් කිරීමෙන්
අදාළ දේ සිදුවනු ඇත. ඉන් පසුව පරිගණකය restart කරන්න.
·
ඒ වගේම ඔබේ
පරිගණකය වේගවත් කිරීම සදහා හාඩ් ඩිසය පිරිසිදු කිරීමෙන් ද (disk cleanup) කළ හැක. මෙම වැඩසටහනද Control
Panel එකේ ම දැකගත හැකිය.( Control Panel à Administrative Tools à Disk Cleanup) ඒ වැඩසටහන
මගින් ඔබේ පරිගණකයේ තාවකාලික දත්ත පරිලෝකනය (scan) කරනු ලබයි. පසුව ඒ
දත්ත මකා දැමීමට (delete) කිරීමට
පුළුවන් කම ඇත.
0 comments:
Post a Comment