Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Monday, March 23, 2015

මෙන්න මාරු වෙනවනම් නියම සිංහල ඉංග්‍රීසි DIC එකක්

මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ අපේ ලංකාවේ ...නාමල් ජයතුංග කියලා කොල්ලෙක් තමයි මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ...

මේ ඩික්ෂනරි එකේ නම තමයි නාමල් ඩික්ෂනරිය දැන් බලමු මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා....නාමල් ඩික්ෂනරියේ තියෙන විශේෂාංග එකින් එක මම විස්තර කරන්නම්. මේ ටිකට අමතරව තව තියෙනවා . 

කට්ටියට මතක ඇතිනේ මේකේ කලින් version එක. ඒ කිව්වේ 2013 දී ආපු version එක. මෙන්න මම අද අලුත් ම version එක අරගෙන ආවා. මේක 2014 දී En Dictionary ලෙස හඳුන්වනවා.


En Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි.

Features of the En Dictionary  ( NEW )

පහත සඳහන් Features බාවිතා කරන ආකාරය පිළිබඳව වැඩි විස්තර En Dictionary යෙහි Main Menu වේ ඇති Help (view --> help) ඔස්සේ බලාගත හැක.


1) Web Browser & PDF Readers Support  ( NEW )

New :-  Chrome, Firefox, Adobe PDF Reader වැනි මෘදුකාංග වලින් විවෘත කරගත් File එකක ඇති වචනයක් මත Double Click කල සැනින් එහි තේරුම ගෙන හැර දැක්වීමට En Dictionary වලට දැන් පුලුවන්.


2) Singlish Keyboard for Windows  ( NEW )

New :-  Windows මතදී බාවිතා කරන ඕනෑම මෘදුකංගයක් මත සිංහලෙන් Type කිරීමට පහසුම ක්‍රමයක් ලබාදේ. Facebook වැනි වෙබ් අඩවි මත සිංහලෙන් Comment කිරීමට පසුවෙන් බාවිතා කල හැක.

3) Easy Search in Web  ( NEW )

New :-  දැනගැනීමට අවශ්‍ය වචනයේ තේරුම හෝ වැඩිදුර විස්තර Google, Wikipedia වැනි Site වලින් One Click එකකින් දැන ගැනීමට පහසුකම ඇත.

4) Various Searching Options  ( NEW )

New :-  විවිධාකාරයේ Searching සඳහා Searching Option කීපයක් හදුන්වා දී ඇත.












5) Auto Search  ( NEW )

වචනයක් හෝ වාක්‍යයක් Copy කරන විටම එහි තේරුම දැන ගැනීමට පුලුවන්. ඔබට අවශ්‍ය ආකාරයට එහි Settings Manage කරගැනීමටද පුලුවනි.

New :-  Copy කරගෙන සිටින වචනයේ තේරුම රහිතව En Dictionary Open විය යුතුනම් Middle Mouse Button එක මගින් En Dictionary Open කිරීමෙන් එය කරගත හැක.

6) Searching Window

ඩික්ෂනරිය Run කල පසු එය System Tray එකෙහි "N" අකුරක ආකාරයේ Icon එකකින් Dictionary Application එක දක්නට ලැබේ. ඒ මත ක්ලික් කල විගස ස(ර්)චින් වින්ඩෝ එක ලෝඩ්වේ. ඒවන විට ඔබ යම් වචනයක් කොපි කරගෙන සිටීනම් ඒ වචනයට අදාලව තේරුම දැක ගන්නට පුලුවන්. ඔබට යම් වචනයක් ඉංග්‍රීසි වලින් මෙන්ම සිංහලෙන්ද ස(ර්)ච් කිරීමට පුලුවන්. ඒ සඳහා යුනිකෝඩ් සිංහල කීබෝඩ් එක මෙන්ම සින්ග්ලිෂ් කී බෝඩ් (Like SMS Typing System) එකද බාවිතා කල හැක. View --> About NDictionary වින්ඩෝවේ "Singlish Key Board Layout" Button එක click කිරීම මගින් Singlish Scheme එක බලාගන්න පුලුවන්. දිග වාක්‍යයක වුවද එහි ඇති වචන සියල්ලගේම තේරුම් වෙන වෙනම බලාගත හැක.



System Tray Icon එක මත Right Click කල විට ඩික්ෂනරියට අදාලව ඉදිරිපත් කල සියලුම ටූල් හා අනෙකුත් විධාන සහිත මෙනු එක දැකගන්නට පුලුවන්.



Searching Window එක Show වෙලා තිබෙන අතරතුර යම් වචනයක් Copy කල විගස තේරුම ගෙනහැර දක්වයි. ඉහත ඉදිරිපත් කල මෙනු එකෙහි දක්නට ලැබෙන Enable Auto Search විදානය Tick කිරීම මගින් යම් තැනකින් වචනයක් කොපි කල විගස එම කොපි කරගත් වචනයට අදාලව තේරුම Search Window එක ගෙන නොතිබුනත්, තේරුම ඉදිරිපත් කරයි.

7) Get Word From Image (Text Capture - Optica Character Recognize)

Web Page එකක, Data Protected e-book, Google Book, Error Massage එකක, Image එකක, වචනයක තේරුම දැනගන්න ඕන උනොත් කරන්න තියෙන්නෙ ඩික්ෂනරියක ටයිප් කරල හොයාගන්න එක. ඒත් ප්‍රශ්නයක් තියෙනව. වචන ගොඩක් ගොඩ ගැහුනම කම්මැලි වැඩක්. ඒ සඳහා විසඳුම තමයි Screen එක Capture කරල අදාල වචනය ගැනීම. System Tray Icon මත Right Click කරල ලැබෙන Main Menu එකේ "Text Capture" Click කල විගස Screen එක Capture කිරීමට ටූල් එකක් ලැබේ.

මෙම ක්‍රියාවලිය කිරීම සඳහා යොදාගන්නා ටෙක්නොලොජි එක සම්පූර්ණයෙන් භාවිතා කිරීමට අවසර නැහැ. ඒ හින්ද ඔක්කොම පහසුකම් බාවිතාකරන්න බෑ. ඒ දේවල් ටිකත් ඩික්ෂනරියට එකතු කරන්න, ලොකු මුදලක් OCR Technology එක දෙන සමාගමට ගෙවන්න වෙනව.


8) Subtitle Translator for Km Player  ( NEW )

මම නම් වැඩියෙන්ම කැමති මේ ටූල් එකට.මේ ටූල් එක ඉංග්‍රීසි හදාගන්න උණ තියෙන අයට වැදගත්ම ටූල් එකක්. අනිව ඉංග්‍රීසි හදා ගන්න හොඳම ක්‍රමයකට උදව් වන නිර්මාණයක්. මටත් ඔය උණ තියෙන නිසා මම සාමාණ්‍යයෙන් ෆිල්ම් එකක් බලනවනම් පැයේ ෆිල්ම් එකකට පැය තුනක් ගන්නව. ඒකට හේතුව තමා, එකේ තියෙන දේවල් වල තේරුම සොයා ගනිමින් ෆිල්ම් එක බැලීම. වෙලාව යන හේතුව තමා ඉංග්‍රීසි වචන වල තේරුම හොයන්න යන වේලාව. මේ කරදරය හින්ද ෆිල්ම් එකේ රසවත් බාවයත් නැතිවෙලා යනව.
ඒ සඳහා විසදුමක් විදියට Km Player එකට මේ Add-On එක හදලා තියෙන්නේ.

මෙම ටූල් එක English ඉගෙන ගන්න උවමනාව තියෙන අයට වැදගත්ම ටූල් එකකි. English බාවිතය මගින් English ප්‍රගුණ කරන්න ඔබට මෙය පහසුකම් සලසාවි!

New :-  සියළුම Subtitle Open කිරීමේ හැකියාව දැන් ඇත.

New :-  Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ මොහොතට KMPlayer එකහි පෙන්නුම් කරන Subtitle ට්ක වෙනස් වනව. දැන් ඔයාලට තේරුම ගේන්නෙ ඔයා අපේක්ෂා කල වක්‍යයේ වචනවල තේරුම් නෙවී. ඔන්න ඔය ගැටලුවට විසදුමක් 2014 Version එකෙන් ඔයාලට ලැබෙනව Subtitle Navigation කියල.





ඔයාල බලන්න රෙඩිවන ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකේම English Subtitle File එක තියෙන්න ඕන. ෆිල්ම් එකේ නමින් තියෙන්නම ඕනෙ නෑ. හොදයි දැන් ෆිල්ම් එක Km player එකෙන් ඕපන් කරගන්න. දැන් ඩ්ක්ෂනරියේ Main Menu එකෙන් Subtitle Translator (Km Player) මත ක්ලික් කරන්න.

යම් Position එකක ඇති English Word එකක තේරුම දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ කීබෝඩ් එකේ Space Bar එක Press කරල වීඩියෝ එක Pause කරන එක. එවිට අදාල Position එකේ ඇති English Word ඔක්කොමගෙ තේරුම් දර්ශනය කරාවි. තව දෙයක් කියන්න ඕන, ඔය සිංහල subtitles හදන ගොඩක් දෙනෙක් වගේ use කරන්නේ මේ ටූල් එක. මොකද, English Word එකේ තේරුම ලේසියෙන් හොයාගන්න පුළුවන්නේ....මේ විදියට තමයි එයාලා හැම ෆිල්ම් එකකටම වගේ සිංහල subtitles හදන්නේ....ෆිල්ම් එක බලල ඉවර උනාම Main Menu එකේ Subtitle Word Search එකමත ක්ලික් කරල, දාල තියෙන Tick එක ඉවත් කරන්න. එවිට අදාල ක්‍රියාවලිය Close වී යයි. එසේත් නැතිනම් System Tray Icon එක මත Double Click කරන්න.

9) English, Sinhala & Singlish Typing  ( NEW )

English වලින්, සිංහල යුනිකෝඩ් ෆොන්ට් වලින් මෙන්ම Singlish (Like SMS Typing) යන සියලු ආකාරයටම මෙහි වචන සෙවීම කල හැක.


10) Top Word of The Day with Game  ( NEW )

ඉංග්‍රීසි හදාගන්න උනන්දු කට්ටියට දෙන උපදෙසක්නෙ දවසකට වචන 10ක් වත් පාඩම් කරගන්න කියල. අන්න ඒ සඳහා තමා මේ ටූල් එක. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්. Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්‍යනය කරන්න.


11) Top 10 Words of The Day

New :-   English භාෂා පර්යේෂක වරුන්ගේ සොයාගැනීම අනුව English හොඳින් ඉගෙන ගැනීමට වචන 4,000ක් ප්‍රමාණවත්. මෙම Tool එක මගින් ඔබට එම වචන වලින් වචන 10ක් දවසකට ගෙන දේවි. අනිවාර්යයෙන් ඒවා පාඩම් කරගන්න.



මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුලුවන්. Game එකක් ලෙසත් Use කරන්න පුලුවන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.

12) English Learning Tools  ( NEW )

English Learning Tools යටතේ ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්‍ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks ඔබට නැරඹීමට අවස්තාව ලැබෙනව.


13) Multi Clip Board

ලිපියක් ටයිප් කිරීමෙදී එකම වචනය කීප සැරයක් ටයිප් කරන්න වෙන අවස්තාවකදී ඒ සඳහා යන කාලය අඩු කරගන්න පුලුවන් මේ ඇප් එකෙන්.

14) Auto Text Grab

ලොකු ඩේටා ප්‍රමාණයක් ( Text ) එක් තැනකින් ගෙන තව ෆයිල් එකකට වර්ග කරල (Sorted File) එකක් හදන්න තියෙන වෙලාවකට එම කාර්ය්‍ය ස්වයංක්‍රීයව කරගන්න පහසු කරන ඇප් එකක්...

15) English Sinhala Word Database Community

නාමල් ඩික්ෂනරිය හරහා ඔයාල වචනයක් සර්ච් කිරීමේදී එම වචනය නැත්නම් ඒ වචනය ඩෙටබේස් එකට ඇඩ් කිරීමට බටන් එකක් පෙන්වීම හා ඒ හරහා ඔයාලට වචන එකතු
කිරීමට වින්ඩෝවක් දක්නට ලැබේ. එයට වචන එකතු කල හැක, ඔබ වචන 10ක් පමන එකතු කල පසු ඔබට පුලුවන් එම වචන අප්ලෝඩ් කරන්න. එලෙස ඔබට පුලුවන් Community Base Open Source Database එක ලෙස හදුන්වා දුන් සිංහල-English Word Database එකෙහි Developing කටයුතුවලට සහාභාගි වන්න.

16) English-English Dictionary

විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English Dictionary මෙතඩ් එකක්ද එකතු කරලා තියෙනවා. යම් වචනය සිංහල තේරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ නැතිනම් ඔබට පුලුවන් English වලින් දී ඇති තේරුම ලබාගන්න, More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එහි උදාහරණ පවා දැකගන්නට පුලුවන්.  Default Dictionary එක ලෙස English-English Dictionary එක Use කරන්න ඕනිනම් Settings වලින් පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න.

17) Real Time Search 

ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.

18) History & Favorite  ( NEW )

New :-  History මගින් දිනය තුළ කලින් Search කල වචන නැවත බලා ගැනීමට පුලුවන්. Bookmark මගින් ඔබට අමතක වේ යැයි හැගෙන වචනයක් හෝ වාක්‍යයක් Save කර තබා ගැනීමට හා අවශ්‍ය විට View කිරීමටත් පුලුවන්.

19) Speech

Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.

20) More Settings For Your Desire....

වැඩි විස්තර සදහා නාමල් යාය වෙබ් පිටුවට පිවිසෙන්න.

කියන්නත් සතුටුයි , Sri Lanka Inventor Commission එකෙන් පවත්වන ලද සහසක් නිපැයුම් 2012 තරාඟාවලියේදී The NDictionary Software එකට  National Significant Invention Award  එක දිනාගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම ICTA එක මගින් පවත්වන e-Swabhimani සම්මානයටත් 2013 වසරේදී යෝජනා ලබල තියෙනවා. ඇත්තම කියනවා නම් මේක, සම්මාන ලාභී ඩික්ෂනරියක් !! 

දැන් තේරෙනවද මේක කොච්චර වටිනා ඩික්ෂනරි එකක්ද කියලා...?? එහෙනම් ඉතින් දැන් තීරණය කරන්න, මේ ඩික්ෂනරි එක ඔයාලට ප්‍රයෝජනවත් ද කියලා...ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම්, මෙන්න දැම්ම download කරගන්න.....

සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


( 2015  අලුත් ම Version එක )17 MB



0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks