Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Monday, March 20, 2017

WordPress සිංහලෙන් පාඩම - 01

01.              මුලික ඉගැන්වීම්

WordPress කියල කියන්නේ අපිට නිදහසේ වැඩ කරන්න පුළුවන් අන්තර්ගතය කළමනාකරණ ක්‍රියා පිළිවෙළක්. CMS කියලත් කියනවා. මේ CMS එකෙන් පරිශීලකයාට වේගවත්ව වෙබ් සයිට් එකක් ඒ වගේම බ්ලොග් එකක් හදාගන්න පුළුවන්. WordPress ලෝකයේ වෙබ් අඩවි කරණයේ ඉහල තැනක වැජබෙනවා කිව්වොත් ගොඩාක් නිවැරදියි. WordPress භාවිත කරලා වෙබ් එකක් හදන එක මොනතරම් පහසුද කියල ඔබට මේ පාඩම් මාලාව අවසානයේදී තේරුම් ගන්න පුළුවන් වෙයි.


01.01.                          මේ පාඩම් මාලාව කාටද

ඇත්තෙන්ම මේ wordpress පාඩම් මාලාව අප විසින් සම්පාදනය කරනු ලබන්නේ HTML සහ CSS ගැන දැනුමක් තියෙන අයටයි. ඒ වගේම වෙබ් සයිට් නිර්මාණය කරන්න දැඩි උනන්දුවකින් සිටින අයටයි. මෙම පාඩම් මාලාව තුළින් සහ අප මෙහෙයවනු ලබන ප්‍රයෝගික පුහුණු පංති වලට සහභාගී වීමෙන් ඔබටම wordpress භාවිතයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට පුළුවන්කම ලැබෙනු ඇත.
01.02.                          කලින් මොනවද දැනගන්න ඕන?


මෙම පාඩම් මාලාව අධ්‍යනය කිරීමට පෙර ඔබ දැනටමත් HTML සහ CSS පිලිබදව මුලික දැනුමකින් යුක්තවීම ඔබට පහසුවකි. ඔබ ඒ පිලිබදව දැනුමක් නැත්නම් අපගේ HTML සහ CSS පාඩම් මාලාව අධ්‍යනය කරන ලෙස සිහිපත් කරමු.

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks