Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Monday, March 20, 2017

WordPress සිංහල පාඩම - 02

01.              WordPress දළ විශ්ලේෂණය

01.01.                          මොකක්ද මේ Content Management System (CMS) කියල කියන්නේ

CMS කියලා කියන්නේ බොහෝ දත්ත ගබඩා කරලා තියෙන උප යන්ත්‍රණ  මෘධුකාංගයක්. ඔබේ වෙබ් සයිට් එකට අවශ්‍ය ටෙක්ස්ට් ෆයිල්ස්, පින්තුර, සිංදු, වීඩියෝ ආදී බොහෝ දේවල් මෙහි ගබඩා කිරීමට පුළුවන. WordPress ඔබට උදව් කරනවා ඒ ඕනෑම දෙයක් පහසුවෙන් වෙනස් කරන්න. ඒ වගේම අලුතින් එකතු කරන්නත්.  WordPress මුලින්ම නිකුත් කරන ලද්දේ 2003 අවුරුද්දේ මැයි 27 වෙනිදා. ඒ Matt Mullenweg සහ Mike Little යන අය විසින්. WordPress විවුර්ත මුලාශ්‍රයක් ලෙස නිකුත් කළේ 2009 ඔක්තෝම්බර් මාසයේදීය.


01.02.                          පහසුකම්
1.                  පරිශීලක කළමනාකරණය
WordPress තුළ පරිශීලක තොරතුරු පහසුවෙන් වෙනස් කිරීමට, අලුතින් එකතු කිරීමට සහ මකා දැමීමටද ඉඩ සලසා දෙයි.
2.                  සංනිවේදන කළමනාකරණය
මෙහිදී වීඩියෝ ඕඩියෝ සහ අනෙකුත් සංනිවේදන ගොනු පහසුවෙන් අප්ලෝඩ් කරන්න සහ මකා දමන්නට පුළුවන්.
3.                  තේමා (Theme)
වෙබ් සයිට් එකේ බාහිර පෙනුම සම්පුර්ණයෙන්ම වෙනස් කිරීමට පුළුවන් වීම.
4.                  Plugins
පරිශීලකයාගේ අවශ්‍යතාවය අනුව විවිධ එකතු කිරීම් සිදු කිරීමට විශේෂයෙන් සකසා ඇති පහසුකමකි.
5.                  SEO
මෙම පහසුකම තුළින් අන්තර්ජාලය තුළින් යමෙක් යමක් සොයයි නම් ඒ දෙය අපේ වෙබ් අඩවියේ තිබේ නම් ඔහුට අපේ වෙබ් අඩවිය ඉතා වේගයෙන් දිස්වන්නට සලස්වයි.
6.                  බහුභාෂා පහසුකම
WordPress තමන්ට අවශ්‍ය භාෂාවකින් ලබාගැනීමට පුළුවන්කම ඇත. ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව වුවද අපිට සිංහලෙන් අවශ්‍යනම් සිංහලේ භාවිත කිරිමට තරම් wordpress දියුණු කර ඇත.
7.                  ආරක්ෂා කරගැනීම
ඔබේ සම්පුර්ණ වෙබ් අඩවියම ඔබට ඔබේ පුද්ගලික පරිගණය තුළට බාගතකරගෙන ආරක්ෂා කරගත හැකිය.

01.03.                          WordPress වල ඇති වාසි

Ø  WordPress නොමිලේ ලබා දෙන විවුර්ත මුලාශ්‍ර මෘදුකාංගයක් වීම
Ø  CSS ෆයිල් ගොනු නවීකරණය කිරීමට පරිශීලකයාට අවසර දීම
Ø  පරිශීලකයාට අවශ්‍ය පරිදි වෙබ් සයිට් එකට විවිධ දේ එක් කිරිමට අවශ්‍ය කලින් සැකසු අච්චු (template and plugins) නොමිලේ ලබා දීම
Ø  සංනිවේදන ලිපිගොනු පහසුවෙන් සහ ඉක්මනින් අප්ලෝඩ් කිරීමට ඇති හැකියාව
Ø  පරිශිකයන් කිහිපදෙනෙකුට වුවද එක් වෙබ් අඩවියක් වෙනස් කිරීමට ඇති පහසුව
01.04.                           WordPress තුළ ඇති අවාසි
Ø  බොහෝ plugins භාවිත කිරීමෙන් වෙබ් සයිට් එක වේගවත්ව load නොවීම.
Ø  WordPress තුලම වෙබ් අඩවියේ බරපතල වෙනස්කම් කිරීමට PHP පිලිබදව දැනුමක් අවශ්‍ය වීම

Ø  සමහර අවස්ථාවන් වලදී යාවත්කාලින (update) කිරීම් නිසා දත්ත සියල්ලක්ම නැති වී යාමේ අවධානමක් තිබීම. (දත්ත backup කරගෙන නොසිටින අවස්ථාවකදී)

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks