පුද්ගලයෙකු මියගිය පසු ඔහුගේ හෝ ඇයගේ Facebook ගිණුමට කුමක් සිදුවිය යුතුද යන්න තීරණය කිරීමට Facebook දැන් ඉඩකඩ සලසා දී තිබෙනවා. මරණයෙන් පසු සිය ගිණුම Facebook තුලින් ඉවත් කරදැමීමට හෝ තමන් වෙනුවෙන් එම ගිණුම ඉදිරියටත් පවත්වාගෙන යෑම සදහා වෙනත් අයෙක් වෙත පැවරීමට ඇමෙරිකාවේ වෙසෙන Facebook පරිශීලකයින්ට දැන් හැකියාව තිබෙනවා. එලෙස මරණෙන් පසු ගිණුමේ බාරකාරත්වය හිමිවන පුද්ගලයාව Facebook විසින් “legacy contact” ලෙස නම් කර ඇති අතර පරිශීලකයින්ට සිය ගිණුමේ Security සැකසුම් වෙත පිවිස තම ගිණුමේ බාරකාරීත්වය හිමිවන පුද්ගලයා තේරිය හැකියි.
ඔබ ඔබේ ගිණුමේ legacy contact සැකසුම් සැකසීමෙන් පසු, ඔබේ ගිණුමේ බාරකාරිත්වය හිමිවන පුද්ගලයාට ඕනෑම අවස්තාවක ඔබේ ගිණුමේ profile photo වෙනස් කිරීමට, friend requests accept කිරීමට හා ඔබේ මරණය පිළිබද නිවේදනයක් ඔබේ timeline එකේ pin කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් එම පුද්ගලයාට ඔබේ ගිණුමේ කිසිවක් පොස්ට් කිරීමටවත් හෝ ඔබේ පුද්ගලික පණිවුඩ කියවීමටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඊට අමතරව ඔබේ photos, posts හා අනෙක් තොරතුරු downlaod කරගැනීමටත් ඔබේ ගිණුමේ බාරකාරීත්වය හිමිවන පුද්ගලයාට හැකියාව ලැබෙනවා.
දැනට මෙම නව විශේෂාංගය ඇමෙරිකාව තුල පමණක් හදුන්වාදී ඇති නමුත් නුදුරේදීම අනෙකුත් රටවල වෙසෙන පරිශීලකයින් සදහාත් හදුන්වාදීමට Facebook අපේක්ෂා කරනවා.
Let your friends know about this..!
0 comments:
Post a Comment