නීතියට අභියෝග කරමින් පැනගිය සිරකරුවෝ
පොළව යට කණිනු ලැබූ බිම් ගෙවල් තුළය. පැරණි රෝම අධිරාජ්‍යයේද මෙබඳු පොළව යට තනනු ලැබූ සිරකුටි තිබුණද මෑත ඉතිහාසයේ ග්‍රීසියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම යටතේ වඩාත් සහනශීලී සිරගෙවල් පිළිබඳ වාර්තා දැකිය හැකිය. ඒවා බිම් ගෙවල්, ඉතා උස තාප්ප හෝ විදුලිය සම්බන්ධ කළ රැහැන් ආදියෙන් තොර හුදකලා නිවාස විය. ඒවායේ සිරකරුවන්ගේ දෙපා ලී කොටයකට තබා අගුලු ලා තිබූ අතර සිරකරුවන්ට රිසි ඕනෑම විටක යහළුවන් හා නෑදෑයන් හමුවීමේ හැකියාව තිබිණි.










