Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, August 7, 2014

වෙබ් අඩවි නිර්මාණය පහසුවෙන්



Web Development අද අන්තර්ජාලයේ ජනප්‍රියම අංගයක්. වෙළඳ දැන්වීම් ප්‍රචාරණය, සමාජ වෙබ් අඩවි නිර්මාණයේ සිට තම කුඩා බ්ලොග් අඩවි නිර්මාණය සඳහා ඔබින නොමිලයේ ලබා දෙන මෘදුකාංග කීපයක් තමයි අද මම අරගෙන ආවෙ. Dreamviewer මෘදුකාංගය තරම් පහසුකම් රාශියක් නැතත් වෘත්තීය මට්ටමේ මෘදුකාංග ලෙස මේවා හැඳින් වුවොත් නිවැරදි.
Coffee Cup Free HTML Editor Coffee Cup Free HTML Editor යනු ඉතා පහසු මෘදුකාංගයක්. මෙහි FTP uploading පහසුකම ඒ තුලම පවතින අතර, FONTS, Table, Frames වැනි දේ ඉතා පහසුවෙන් නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලබා දෙයි. HTML පිළිබඳ මූලික දැනුමක් අවබෝධයක් පවතින කා හට වුවත් වෘතිතීය මට්ටමේ නිර්මානයක් එළි දැකිවීමට මෙය යොදා ගත හැක.

Visual Editor, CSS Menu Designer, Image Mapper, and Website Color Schemer යන පහසුකම් මෙහි සම්පූර්ණ සංස්කරණයේ (Full Edition) ඇතුලත් වූවද නොමිලයේ ලබා දෙන සංස්කරනයේ එම පහසුකම් ඇතුලත් නොවේ.
මෙය අවපතනය (Download) කර ගැනීම සඳහා මෙම අඩවියට පිවිසෙන්න
http://www.coffeecup.com/free-editor/
NetObjects Fusion Essentials
මෙම මෘදුකාංගය පෙර මෘදුකාංගයටත් වඩා දියුණු අතර drag & drop විධාන ලබා දිය හැකි අතුරු මුහුනතක් පවතියි. මෙහි කේත සඳහා ලබා දෙන පෙර දසුන (preview) ඉතා නිවැරදි වන අතර පෙර මෘදුකාංගයේ මෙන් FTP in-built uplod පහසුකම, Form සැකසීම, Site management ආදී වු පහසුකම් රාශියක් පවතින අතර මෙය සම්පූර්නයෙන්ම නොමිලයේ ලබා දෙන සංස්කරනයකි.
 මෙය අවපතනය (Download) කර ගැනීම සඳහා මෙම අඩවියට පිවිසෙන්න
http://netobjects.com/html/essentials.html

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks