Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Monday, August 11, 2014

Facebook එකේ පැතිරයන වංචාකාරී ක්‍රියාවක්. ඔබත් ප්‍රවේසමෙන්!

safe image මේ දිනවල Facebook එකේ පැතිරයන වංචාකාරී ක්‍රියාවක්. ඔබත් ප්‍රවේසමෙන්!අන්තර්ජාලයේ සැරිසරන වංචාකාරීන් විසින් නැවතත් ඔබව මුලා කිරීමේ අදහසින් මිනිසුන් බිලියනයකට අධික ප්‍රමාණයක් භාවිත කරන Facebook සමාජ ජාල වෙබ් අඩවිය යොදා ගෙන තිබෙනවා.
මෙවර ඔවුන් යොදා ගෙන තිබෙන්නේ කලක් පැවතී තිබී නැති වී ගිය Facebook “Color Changer” app එකයි. මේ වනවිට මෙම වංචාකාරී වැඩසටහන භාවිතා කර කරදරයට පත් වූ ලොව පුරා facebook
පරිභෝගියකයන් ගණන 10,000 කට අධිකයි.
මෙම වංචාකාරී වැඩසටන විසින් ඔබට පොරොන්දු වෙනවා ඔබේ Facebook ගිණුමේ ස්වභාවික නිල් පැහැය වෙනුවට රෝස, දම්,කොළ,කහ, තැඹිලි , කළු යන පාට ඇතුළුව පාට නවයකට වෙනස් කර දීමට. මෙයට එකඟ වන ඔබේ පරිගණකයට හෝ දුරකතනයට ඔවුන්ගේ මෙම වංචාකාරී වැඩසටහන ඇතුලත් කරනු ලබනවා.
fbmalware1 මේ දිනවල Facebook එකේ පැතිරයන වංචාකාරී ක්‍රියාවක්. ඔබත් ප්‍රවේසමෙන්!
චීනය මුලික කර ගෙන ක්‍රියාත්මක වන Cheetah Mobile සමාගමේ කටයුතු කරන පර්යේෂකයින් පිරිසක් විසින් සොයා ගෙන තිබෙනවා මෙම Facebook “Color Changer” app එක phishing site එකක් හරහා download වන බව.
මෙම phishing website මඟින් ඔබව දෙයාකාරයකින් ඉලක්ක කර ගෙන තිබෙනවා:
  • ප්‍රථමයෙන්ම,  මෙම පැහැය වෙනස් කිරීමේ tutorial වීඩියෝව නැරඹීමට ඔවුන් ඔබට ආරාධනා කර  සිටිනවා. එයට එකඟ වන ඔබගේ Facebook Access Token එක මෙම වංචාකාරී වැඩසටහන මඟින් සොරා ගනු ලබනවා. එමඟින් hacker ට අවස්ථාව ලැබෙනවා ඔබේ ඔබේ facebook මිතුරන් හා සම්බන්ධ වීමට.
  • ඔබ වීඩියෝව බැලීමට එකඟ නොවුන හොත්, මෙම phishing website එක ඔබට කියා සිටිනවා Facebook “Color Changer” app එක download කර ගන්නා ලෙසට. එයට එකඟ වන ඔබගේ පරිගණකයට හෝ දුරකතනයට ඔවුන් විසින් මෙම malware එක පතුරවනු ලබනවා.
ඒ කෙසේ වුවත්, මෙමඟින් පරිගණක භාවිතා කරන්නන්ට ව්‍යාජ pornographic video player එකක් download කිරීමට මඟ පෙන්වන අතර Android device භාවිතා කරන්නන්ට, ඔබගේ device එක malware එකකට ගොදුරු වී ඇති බවත් එයින් මිදීමට වෙනත් යෝජනා කල application එකක් download කරන ලෙසත් අවවාදයක් ලබා දෙනවා
මෙම නවතම color changer app එකට විවිධ රටවල Facebook භාවිතා කරන්නන් බොහෝ පිරිසක් දැනටමත් ගොදුරු වී අවසානයි. නමුත් මෙලෙස color changer app එකක් පැමිණි ප්‍රථම අවස්ථාවත් මෙය නොවෙයි.
Facebook කියන්නේ ලොව අංක එකේ සමාජ ජාල වෙබ් අඩවියයි. මේ වනවිට බිලියන 1කට අධික ක්‍රියාකාරී පරීශීලකයින් Facebook සතුයි. ඒවගේම සැම දිනකට සිය ගණනින් පිරිස් මෙම වෙබ් අඩවියට එක වෙනවා. වැඩි වන ජනප්‍රියත්වයත් එක්කම මෙය scammers ලට මිනිසුන් මුලා කිරීමට, විවිධ වූ වංචාකාරී දේවල් වලට හසු කර ගැනීමට මෙම වෙබ් අඩවිය තෝතැන්නක් වෙලා.
ඉතින් මෙවැනි අනාරක්ෂිත ක්‍රියා වලට හසු නොවී සිටීමට ඔබ කල යුතු දේ මෙසේයි,
  • ඔබේ Facebook එක කිසිම ආකාරයේ වැඩසටහනකින් වෙනස් කල නොහැකි බව අවබෝධ කර ගන්න.
  • ඔබ නොදන්නා කිසිම link එකක් click කිරීමෙන් වලකින්න.
  • එම link එක Official Facebook Page එකට ඉලක්ක වී තිබුනත් - එය විශ්වාස නොකරන්න.
නමුත් දැනටමත් මෙය install කර ගත් ඔබට කියන්නට තිබෙන්නේ එම app එක වහාම uninstall කරන ලෙසත් ඔබේ Facebook account password එකත් හැකි ඉක්මනින් වෙනස් කරන ලෙසත්ය. ඒවගේම තවදුරත් සිදුවිය හැකි කරදර අවම කර ගැනීමට Facebook හි apps platform එක සම්පුර්ණයෙන්ම අක්‍රිය කරන ලෙසටත් යොජනා කර සිටිනවා, ඒවගේම ඔබගේ පරිගණකයට සහ දුරකතනයට විශ්වාස දායි security application එකක් install කර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා.
Share කර ඔබේ මිතුරනුත් දැනුවත් කරන්න

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks