Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, August 7, 2014

ප්‍රේමය තීරණය වෙන්නේ මුදල් මතම විතර ද..?



Les සහ Helen අදට වසර 75 කට පෙර ඒ අයගේ සුන්දර ප්‍රේම වෘතාන්තය පටන් ගත්තා. ඒ ඒ අයගේ දෙමාපියන්ගේ බලවත් විරෝධය මැද. ඒ දෙන්න ඉපදුනේ එකම අවුරුද්දේ 1918 දෙසැම්බර් මාසේ එකම දවසක. Les ගේ තාත්තා හොඳ ව්‍යාපාරිකයෙක් . ඒ වගේම දකුණු කැලිෆෝනියාවේ ප්‍රසිද්ධ ඉඩම් හිමියෙක්. Helen ගේ තාත්තා වැඩ කළේ රේල්ලුවේ. දෙපාර්ශවයෙන් ම මේ සම්බන්ධයට කැමති වුණේ නැහැ. හැබැයි ඒ අය කොහොම හරි ඔප්පු කළා ඒ අයගේ දෙමාපියන්ගේ මානය බොරුවක් කියලා. ඒ දෙන්නා තමන්ගේ 75 වැනි විවාහ සංවත්සරය
සමරමින් කියලා තිබුණේ ඒ අයගෙ සම්බන්ධය කාටවත් නතර කරන්න බැරි වූන ශක්තිමත් එකක් කියලා.
ඔවුන් ඔවුන්ට නැතිව ජීවත් වෙන්න බැරි තරමට ඔවුන්ගේ බැඳීම ශක්තිමත් කරගෙන තිවුණා. Les ට ස්නායු දුර්වල කමකින් නිතර උත්සන්න වෙන රෝගයක් තිබුණා. ගගගග එයාගේ කුසේ තිවුණ පිළිකාවක් සමග කාලයක් ලොකු සටනක් කරන්න සිද්ධ වුණා.
මෑත දිනෙක Les බීච් එකේ දී ලෙස්සා වැටීම නිසා ගොඩක් අමාරු වූණා. ඊට පස්සේ Helen වත් එන්න එන්නම දුර්වල වූණා. ඇය පසුගිය ජූලි මාසයේ 16 වෙනිදා සදහටම මේ ලෝකෙන් සමුගත්තා. ඊට දින කිහිපයකට කලින් Les සමුගත්තා. ඔහු මියැදෙන විටත් දැනගෙන සිටයේ නැහැ ආදරනීය ප්‍රේමවන්තිය තමන්ගෙන් සදහටම ඈත්වෙලා කියලා. ඔවුන් දෙදෙනා මිය යන විට ඔවුන් 94 වියේ පසු වූණා.
ඒ දෙදෙනාගේ පුතා Daniel කියනවා මගේ අම්මගේ සහ තාත්තගේ සාර්ථකත්වය වූණේ ඒ අයගේ වෙනස්කමයි. එනම් දුප්පත් පොහොසත් කමයි. මේ ආදර කථාව වර්තමාන ගොඩාක් පෙම්වතුන්ටත් ඒ අයගේ මාපියන්ටත් අතිශයින් ආදර්ශමත් කථාවක්. මක්නිසාදයක් අද බොහෝ දෙනෙක් පෙළබී සිටින්නේ සෑම දෙයක්ම මුදල් මත තීරණය කරන්න. නමුත් අප දැනගතයුතුයි මිනිසාට භෞතිකමය වස්තු මිල මුදලින් ලබාගත හැකි වුව ද ආදරය සෙනෙහස ලබා ගතහැක්කේ හතවතකින් බව.

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks