Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Wednesday, August 6, 2014

වය්රස් ගැන ඔබ දන්නවද…???

දැනට පරිගනක වලට එන වයිරස් වලින් 50% වැඩි ප්‍රමාණයක් එන්නේ අපේම නොසැලකිලිමත් කමක් නිසා හා ඉතුරු 50% නොදන්නා කම නිසා. ඉතින් අපි පරිගනකයක් හරියට බාවිතා කරොත් මේවගෙන් වැලකී ඉන්න බැරිද ? පුලුවන්. 90% වයිරස් වලින් අපිට ගැලවී සිටින්න පුලුවන්.  බලමු මේවගෙන් කොහොමද අපි ගැලවිලා ඉන්නේ කියලා. උත්තරේ නම් වයිරස් ස්කෑනර් (Virus Guard) එකක් දාන එක නම් නොවෙයි. ඒකෙන් මේක විසදෙනවානම් මේ ලෝකේ වයිරස් වලින් තොර වෙන්න එපැයි ? දැන් අපේ අය එක වයිරස් ස්කෑනයරක් නොවෙයි, දෙක තුනක් දාගෙනනේ ඉන්නේ. රටේ නැති නම් වලට ඔය ඕනේ තරම් වයිරස් ස්කෑනර් තියෙනේ, විකුනන අයනම් කියන්නේ ඉපදෙන්න ඉන්න වයිරසුත් අල්ලනවා කියලා නේ. නමුත් ඔය වයිරස්ගාඩ දාපු පරිගනක වලටම නේද මේ වයිරස් එන්නත් ? ඇයි මෙහෙම වෙන්නේ ? අපි බලමූ. මේ ඔක්කොටම වඩා හොදම වයිරස්ගාඩ් එක තමන්මයි කියන එක දැම්ම
කියන්නම් කෝ.
දන්න යකා හොදයි කියනවානේ නොදන්න යකාට වඩා, ඒක නිසා අපි ඉස්සෙල්ලා බලමු මේ වයිරස් කියන්නේ මොනවද, ඒවාගෙන් මොකද්ද වෙන්නේ, ඇයි එහමෙ වෙන්නේ වගේ ඔකොම දේවල් ගැන. මුල් අවදියේ වයිරස් වලින් සිදූනේ පරිගනකයේ ක්‍රියාකාරීත්වයට බාදාකිරීම. නමුත් දැන් වයිර්ස් වලින් ඊට වඩා බොහෝ දේ සිදුවෙනවා. අපේ දත්ත සොරා ගන්නවා, අපේ පරිගනක අපි නොදැනුවත්ව ඔවුගේ ඔනෑ එපා කම් වලට බාවිතා කරනවා, පරිගනක වෙලද දැන්වීම් පෙන්වන්න යොදාගන්නවා.
දැන් වයිරස් සෑදීම හොද මුදල් උපයන මාර්ගයක් බවත පත්වෙලා.  මේවා ගොඩක් හදන්නේ මුදල් සෙවීම හා විවිද ජාල, වෙව් අඩවි අඩපණ කිරිම වැනි ක්‍රියාවලියන් සදහා.
වයිරස් එකක් යනු, 100% පරිගනක වැඩසටහනකි (computer software). මේව බොහෝ විට අපිට නොතේරෙන, නොපෙනන විදියට පරිගනකයේ සැගවී සිටින්න සකසා ඇත. මේවා ඉතා දියුනු ක්‍රම යොදාගන්නවා පරිගනකයේ සැගවී සිටීන. වයිරස වැඩසටහන් සකසා ඇත්ටේ පුලුවත් තරම් තවත් පරිගනක වලට පැතිරෙන්න හැකිවන ලෙසයි.  මේවා ඊම්ල් හරහා, පරිගනක ජාල හරහා, දැන් USB හරහා තව ව්විද ක්‍රම හරහා පැතිරෙනවා.  ගොඩක් වයිරස දැන් පරිගනකයේ ඇති system files ඇතුලටම කාවැදී සිටී. මෙම නිසා මේවා ඉවත් කිරීම ඉතා අපහසුයි. ඉවත් කරොත් පරිගනකය ක්‍රියාත්මක නොවීම හෝ විවිද ගැටලු වලට මුහුණ දෙන්න සිදුවේ. එම නිසා වයිරස් ස්කෑනර් වලට පවා මේවා ඉවත්කිරීම ගැටලුවකි. ඒ වගේම ගොඩක් පරිගනක වයිරස් නිසා අපේ අන්තර්ජාල සම්බන්ද තා පවා වේගය අඩුවීම, bandwidth බාවිතා වීම වගේ දේවල්ද සිදුවෙනවා.
දත්ත සොරාගැනීම:
ගොඩක් පරිගනක වයිරස දැන් අපේ දත්ත සොරාගැනීම සදහා යොදාගන්නවා. අපි නොදැනීම මෙම වැඩසටහන් අපේ password, credit card information, contact lists (address book/emails) වගේම, අපි පිවිසෙන් වෙබ් අඩවි වගේ දත්ත සොරාගන්නවා. අපේ behavior tracking, ඒ කියන්නේ අපි යන අඩවි, අපි කරන දේ බලනදේ වගේ දේවල් වල දත්ත එකතු කිරීම. මේවාගෙන් වෙන හානිය කියා නිමකරන්න බෑ. behavior tracking කරන්නේ වයිරස් ම නොවෙයි, ගොඩක් අපි නොදැන දාගන්න Browser toolbar වලින් කරන්නේද ඒ දේමයි, මෙම සමහර toolbar වලින් අපි වෙබ් අඩවි වලට ඇතුලත් කරන credit card දත්ත පවා සොරකම් කරනවා.
පරිගනකය දන්දීම නොහොත් botnet:
බොට්නෙට් යනු අපි නොදන අපේ පරිගනකය වෙනත් පුද්ගලයන් විසින්, ස්පෑම් යැවීමට (email marketing), පරිගනක ජාල/වෙබ් අඩවි අඩාල කිරීමට යොදාගන්න පරිගනක දහස් ගනකින් යුතු පරිගනක ජාලයකි. මේ පරිගනක සියල්ලම එක පුද්ගලයෙක් හෝ කන්ඩායමක් විසින් තමන්ගේ ඕනෑ එපාකම් කරගැනීමට යොදාගනියි. මෙය බොහෝව පරිගනකය බාවිතා කරන්නාටද නොදැනී සිදුවෙයි. මෙවැනි බොට් නෙට් සෑදීමට ගොඩක් පිරිස උත්සාහ කරනවා, මොකද මේවා ඩොලර් දහස් ගනන් වලට මෙවැනි බොට් නෙට් විකිරීම සිදුකෙරෙනවා.
බලෙන් කැවීම නොහොත් ඇඩ් පෙන්වීම:
වයිරස්ම නොවුවත් වයිරස් ගනයට අයත්වෙන තව එකක් තමයි මේ ඇඩ්වෙයාර් (adware) කියන්නේ. මේවා බොහෝවිට අපි නොමිලේ ගන්න software සමග එකතු කර එනවා, RealPayer මෙයට උදාහරනයක්. මේවාගේ බොහෝවිට කරන්නේ අපිට විවිද වෙලද දැන්වීම පෙන්වීමයි. popup ලෙස හා වෙනත් ආකාරයෙන් වෙලාවට මේව එනවා. මේවාද අපේ behavior tracking කිරීමට යොදාගන්නවා. මේවාගෙන වෙන ලොකුම කරදරය තමයි පරිගනකයේ ක්‍රියාකාරීත්වල බාදා ඇතිකිරිම වගේ පරිගනකයේ වේගය අඩුවීම වගේ එක එක ගැටලු පැන නගින්න පුලුවන්. මෙය හේතුව මෙම වැඩසටහන් වල ගුනාත්මක බව බොහෝ අඩු නිසා. මෙය ඔය කියන Browser toolbar වලටද අදාලයි.
අලුත්ම සෙල්ලම, වයිරස් වෙන ඇන්ටිවයිරස්:
අලුත්ම වැඩේ මේක තමයි, විවිද නම් වලින් බොරු ඇන්ටිවයිරස් ලෙස පෙනීසිටිනම් පරිගනකයේ වයිරස් ඇත ඉවත්කරන්න නම් මුදල් ගෙවන්න කියන එක. මෙවා බොහෝවිට ඊමේල් ලින්ක් එකක් හෝ වෙබ් අඩවියකට ගිය විට පොපප් එකක් බොරු වයිරස් සෑනර් එකක් ලෙස පෙනවයි, ක්ලික් කරපු ගමන් එය පරිගනකයේ install වෙයි. ඉන්පසු ඉතින් දුක තමයි.
ඇන්ටි වයිරස් නොහොත් Virus Guard:

වයිරස්ගාඩ් කියන්නේ හදුනාගත් වයිරස් වල ෆයිල් නම් හා ඒවාගේ දන්නා දැදුනුම් (signatures) අනුව පෙර දුන් දත්ද අනුච ඒවා සොයාගෙන ඉවත් කිරීමයි. වයිරස් ස්කැනර් වලට වයිරස් හසුවීමටනම් එම වයිරස් ස්කෑනරය හදන සමාගමෙන් අදාල වයිරසය සදහා signatures නිකුත් කර තිබිය යුතුයි, එසේ නැතිනම් එම වයිරසය වයිරස් ස්කෑනරයට අසු නොවෙයි.  එම නිසා update කර නැති වයිරස් ස්කෑනර් එකකින් අසුවන්නේ පරණ වයිරස් මිස අලුත් වයිරස් නොවෙයි. තවද මේ signatures නිකුත් කිරීමට වයිරස් ස්කෑනරය හදන සමාගමට දින කීපයක් ගතවෙන්න පුලුවන්. එම නිසා අලුත් වයිරස් වලින් බේරීමක් වෙන්නේ නෑ. බෝහෝ අලුත් වයිරස ඉසෙල්ලම පහර දෙන්නේ වයිරස් ස්කෑනයරට නිසා එය ක්‍රියාත්මක වෙනවා මෙන් පෙනුනද එය ඇත්තටම ක්‍රියාතමක වන්නේ නෑ. එසේ නැතිනම් update වීම වලකයි. සමහර වයිරස් ස්කෑනර් වල වයිරස් වගේ හැසිරෙන වැඩසටහන් අල්ලාගන්න ක්‍රමද ඇතුලත්, මේවාත් එතරම් සාර්තක නැත.
වයිරස් එන්නේ ඇයි/කොහොමද:
වයිරස් වලින් බොහොමයක් පරිගනකයට ඇතුලුවන්නේ පරිගනක මෙහෙයුම් පද්දතියේ (Operating System) එකක තියන bugs (coding error) නිසා හා දෝස සහිත පරිගනක වැඩසටහන් නිසා. මොකද අපේ මැදිහත්වීමක් නැතුව එසේ වෙන්න බැරි නිසා. මෙය තමයි මූලික හේතුව, අනිත් හේතුනම් හානීදායී පරිගනක වැඩසටහන් install කිරීම. ඒ කියන්නේ crack කරන software, නොදන්නා තැනවලින් ගන්න software නිසා. ඒ වගේම ගොඩක් වෙබ් අඩවි අපිව රවටනවා, මොකක් හරි හොයලා download කරන්න ගියහම කියනවා ඒක download කරන්නනම් ඒ අයගේ download manager එක දාන්න කියලා. නැතිනම් video එකක් බලන්න ගියහම flash player එකේ update එකක් තියනවා කියලා notice එකක් එනවා, නමුත් ඇත්ත install කරන්නේ වයිරස් එකක්. නැතිනම් වෙනත් ප්ලගින් එකක් install කරන්න කියලා එනවා. අපි ඒක දාපු ගමන් අපි විසින්ම මේ වයිරස දාගන්නවා. මේවටනම් OS එකක් හරි Software එකක් හරි bugs ඕනේ නෑ. මොකද අපි විසින්ම දාගන්න දේවල් නිසා. මේවට කියන්නේ රැවටීම් කියලා. මේවා එන්න එන්න වැඩි වෙනවා. ඊමේල් එනවා Microsoft එකේ patch එකක් තියනවා download කරලා දාගන්න කියලා. මේ වගේ විවිද ක්‍රම යොදාගෙන අපේ පරිගනක වලට වයිරස් අපිම දාගන්නවා අපේ මොඩ කම නිසා.
Software crack කරන්න යාමෙන්, torrent හරහා මෙවැනි හොර software වලද බොහෝ වයිරස තියනවා. සමහර crack/key-generator කියනව මේක false positive එකක් විදියට වයිරස් ස්කෑනරයට අහුවෙන නිසා ඒක ඉස්ස්ලා disable කරන්න කියලා. ඉතින් අපි විසින්ම අපි වයිරස් දාගන්නවා කියන්නේ මේකයි.ගොඩක්විට මේ software crack කරන අය, torrent මගින් බෙදාහරි අය මේවා කරන්නේ අපිට තියන ආදරයට නොවෙයි, බොහෝ විට ඒ අය ඒවාතුලට හොයාගන්න බැරි විදියට trojan/back-door ඇතුලත් කරලා තමයි බෙදාහරින්නේ. ඒ කියන්නේ අපේ නොදැනම අපේ පරිගනකයට ඔවුට ඇතුලුවෙන්න පුලුවන් වෙනවා.
අපි ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා download වගේ දේවල් කරනකොට, ගොඩක් අය කරන වැරදක් තමයි දෙයක් download කරනකොට අදාල වෙබ් අඩවියෙන් නොකර අහුවෙන ඕනෑම අඩවියකින් කරන එක. මේක drivers සිට software දක්වා අදාලයි. Windows 7 Service pack 1 එක අපි download කරන්න ඕනේ Microsoft වෙබ් අඩවියෙන් මිස වෙන අඩවියෙන් නෙවෙයි. Avast download කරන්නේ ඕනේ avast අඩවියෙන් සිට මිස වෙන අඩවි වලින් නොවෙයි. device driver එකක් උවද එලෙසමයි, තමන්ගේ hardware එක සෑදූ නිෂ්පාදකයාගේ අඩවියෙන් එය download කිරීම තමයි නුවනට හුරු. ගොඩක් නොමිලේ දෙන software එක්ක adware එනවා. මේගැන ගොඩක් සැලකිලිමත් වෙන්න, හැම විට නොමිලේනම් opensource software බාවිතා කරන්න.

අලුත් වයිරස් පරිගනකයට ඇතුලත් වෙන්න දැන් ඔබ කරන්නේ ඕනේ වෙබ් පිටුවක් බැලීම හෝ pdf වැනි ගොනුවක් බැලීම පමණයි, දැන් virus ලියන ය OS එකේ ඇති දෝස පමණක් නොව පරිගනක වැඩසටහන් වල, උදාහරනයක් ගත්තෝත් ඇඩෝබී රීඩර් වගේ ඒවගේ ඇති දෝස යොදාගනෙ පරිගනකවලට වයිරස ඇතුලත් කරනවා. ඉතින් දැන් හරිම අමාරු දෙයක් තමයි මේ වයිරස වලින් වැලකී ඉන්න. ඉතින් අපි කොහොමද දන්නේ මේ වෙබ් අඩවිය ආරක්ෂාකාරීද නැද්ද කියලා. අපි හොදින් දන්නා කෙනෙකුගේ අඩවිය උනත් ඒවැනි දෑ තිබෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේ බ්ලොග් එහම කරන අය, තමන්ගේ බ්ලොග් එක ලස්සන කරන්න එක එක අඩවිවල ගැජට්, කෝඩ් දානවා. මෙම කොඩ් අස්සෙද අනතුරුදායක කෝඩ් දියෙන්න පුලුවන්. සමහර බ්ලොග් තීම් වල පවා. ගොඩක් බ්ලොග් වලට ගියහම දැකලා ඇති පොප් අප් එක්ක ඇඩ් එනවා. ගොඩක් විට මේවා බ්ලොග් අඩවිය යිතිකරු දාපුව නොව, තීම් එකක හෝ යම්කිසි ගැජට් එකක් ඇතුලත් මේ කෝඩ් එක සැගවී සිටිනවා. ඒක නිසා ඊමේල් වල එන පුරුක් එහම ක්ලික් කරන්නේ ගොඩක් සැලකිලිමත් වෙනන් ඕනේ, මෙවැනි ඇඩ් එකක නිසා ඇමරිකාවේ නිවුයෝක් ටයිම්ස් වෙබ් අඩවිය පවා මෙලෙස වයිරස එවුනේ අඩවිය බලන්න එය අයගේ පරිගනක වලට ඇතුලත් උනා. මෙය හේතුව උනේ ඔවුන් යොදාගත් එක වෙලද දැන්වීම් සමාගමක සවරයක් හරහා මෙම කෝඩ් එක එවපු නිසා. එම නිසා බොහෝ පරිස්සම් වීම වැදගත්. සමහර වෙලාවට මේ ඊමේල් ඔබ දන්න අයගෙන් වන්න පුලුවන්, ඊමේල් විතර නොව gtalk, msn, yahoo වලද මෙවැනි ලින්ක් එන්න පුලුවන්. යාලුවෙක් ගේ පරිගනකයට වයිරස් ඇවිත්නම් එම වයිරස්, ඊමේල් හරහා, චැට් හරහා අනිත් පරිගනක වලතත් ඇතුල් වෙන්න හදනවා.
වයිරස් ස්කෑනර් දැමීමෙන් ඇයි අපිට බැරි වයිරස් වලින් බේරෙන්න:
මුලදී කිවුවා කොහොමද මේ වයිරස් ස්කෑනර් එකක් ක්‍රියාත්මක වෙන්නේ කියා. ඉතින් අලුත් වයිරස් වලින් බේරී ඉන්න බෑ කියන එක පැහැදිලිනේ, ඒත් මේ වයිරස් එන්නේ මම කිවුවා OS එකේ හා වැඩසටහන් වල පවතින bugs නිසා කියලා. අපි හිතමු OS හා programs කියන්නේ තාප්පයක් කියලා, bugs කියන්නේ තාප්පේ තියන හිල්. හිල් වලින් ඇතුලට පනින අය හොයන්න තමයි අපි virus scanner එකක් දාන්නේ, virus scanner එකට යම් හෙයකින් මේ හිල් අස්සෙන් පනින වයිරස් එකක් නොදුටුවොත් ඒක අපේ OS හා Program වලට රිංගලා ඉවරයි. ඉතින් මේක වලක්වන්න හොදම දේ ? හිල් වහන එක! ඒ කියන්නේ OS එකක් නම් patch, windows update, service pack දාන එක. programs උනත් අලුත් version හා patch දාන එක. OS එකට විතරක් නොවෙයි update එන්නේ programs වල්ටද එනවා.  කොචර කරත් වැඩක් නෑ මේ හිල් වසන්නේ නැතුව. හිල් උපයෝහී කරගෙන එන වයිරස් වලට කරන්න දෙයක් නෑ එම තැන හිලක් නැතිනම්.  ඉතින් හොද දෙයක් තමයි තමන්ගේ software හා OS එක update කොට තාබාගැනීම.
වයිරස් ආපු පරිගනකයක වයිරස් ඉවත් කරන්න පුලුවන්ද:

සමහරක් වයිරස් පුලූවන්, නමුත් අලුත් වයිරස් ඉවත් කරන්න නොව, detect කරගන්න පවා බෑ. ගොඩක් අය කියන්න පුලුවම් මම අර tool එක දාල කරා, මට ඕනෑම වයිරස් එකක් අයින් කරන්න පුලුවන් කියලා. ගොඩක් අලුත් වයිරස් ඇතුල වන්නේ system files හා hidden location වල. ගොඩක් එවා තමන්ගේ හැසිරිම random කරනවා. ඉතින් ඔය tool හා virus scanners වල ඇති signatures වල්ට ඒවා හොයාගන්න බෑ. ඉතින් සරලව කිවුවොත් 100% අයින්කරන්න බෑ. ඕනෑම හොද සිකියුරිටි දන්න කෙනෙක් කියයි හොදම හා විෂ්වාස ක්‍රමය පරිගනකය format කර install කිරිම කියා. මෙය Microsoft සමගමේ ඔවුන්ගේ ජාලවල network policy එකේ පැහැදිලිව තියනවා. යම්කිසි පරිගනකයට වයිරසයක් ආවොත් එය network එකෙන් ඉවත්කොට full format එකක් කල යුතුබව. කිසිම විදියකියි එන clean කිරීමට උත්සාහ ගන්න එපා කියලා. ඉතින් ඔය පොර වගේ කියන අය Windows OS එක හදන Microsoft එකට වඩා දන්නවා වෙන්න බෑනේ ;)ගොඩක් වයිරස දැන් හදන්නේ පරිගනකය බාවිතා කරන කෙනාට වයිරස් එකක් තියනවද නැද්ද කියාවත් නොතේරෙන විදියටයි.
වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්:
  1. සියලුම වැඩසටහන් හා OS එක updated කිරීම.
  2. Crack කරපු software බාවිතා නොකිරීම. (අපේ අය ඉතින් Virus Scanner එකත් crack කරලානේ දාන්නේ)
  3. Microsoft Security Essentialist ස්තාපනය.  (වෙන වයිරස් ස්කැනර් උවමණා නැත)
  4. Administrator ලොගින් එක බවිතයෙන් වැලකීම. හැම විටම user එකවුන්ට් එකක වැඩ කිරීම.
  5. Internet Explore වෙනුවට Google Chrome හෝ Firefox බාවිතය.
  6. Java ස්තාපනයෙන් වැලකී සිටීම.
  7. Java Scrips Web Browser එකෙන් disable කිරීම හෝ noscripts Firefox හා Chrome සදහා බාවිතය.
  8. USB Autorun disable කිරිම.
  9. නොදන්නා link ක්ලික් නොකිරීම.
  10. Software/Drivers ඒ අදාල නිල අඩවියෙන් download කිරීම

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks